රත්මලාන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ජනතාවට වඩාත් කාර්යක්ෂම හා ගුණාත්මක උසස් සේවාවක් සැපයීමේ අරමුණින් විද්යා හා තාක්ෂණ අමාත්යාංශය යටතේ ක්‍රියාත්මක වන රත්මලාන "විදාතා සම්පත් මධ්යස්ථානය" පිරිවෙන ග්රාම නිලධාරී කාර්යාලය ඉදිරිපිට නව ගොඩනැගිලි පරිශ්රයේ දි 2026 ජනවාරි 12 වන දින ආරම්භ කළ වගයි. එදින රත්මලාන ප්‍රාදේශීය ලේකම්තුමියගේ ප්රධානත්වයෙන් සහකාර ප්‍රාදේශීය ලේකම්තුමිය, ගණකාධිකාරිතුමිය, කොළඹ දිස්ත්රික් විදාතා නිලධාරීතුමිය, කොළඹ දිස්ත්රික් ව්දාතා මධ්යස්ථානය නිලධාරීන්, පිරිවෙන ග්රාම නිලධාරීතුමිය, සංවර්ධන නිලධාරීතුමා හා රත්මලාන ප්‍රාදේශීය කාර්යාලීය නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් සුභ මොහොතින් විවෘත කෙරිණි.







"ඉවත්වනූ" මත්ද්‍රව්‍ය නිවාරණය දැනූවත් කිරිමෙ වැඩසටහන 2026/1/10 දින බඩොවිට ජනන්දනාරාමය විහරස්ථානයෙදි පවත්වන ලදි , මෙ සදහා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාර අසොක මහතාද, ප්‍රජා පොලිස් ඒකකය දයානන්ද මහතා ද, කටූකූරුදූවත්ත, වටරප්පල , අත්තිඩිය උතූර, අත්තිඩිය දකුණ , බටහිර කවූඩාන, ආදි වූ වසමි වල ග්‍රාමනිලධාරි සහ වසමි භාර ආර්ථික සංවර්ධන නිලධාරි , මත්ද්‍රව්‍ය උපදෙශක වත්සලා රාජපක්ෂක මිය, නිපූණතා නිලධාරි විරසිංහ මහතාද, සංවර්ධන නිලධාරි ( සමාජ සෙවා ) ශ්‍යාමි මහතාද, සමාජ සෙවා නිලධාරි දිලිනි මහත්මියද , මනොවීද්‍යා උපදෙශන නිලධාරි වත්සලා එදිරිසිංහ මහත්මියද සහභාගි විය .
.




රත්මලාන ප්‍රාදේශීය ලේකම්තුමිය ගේ උපදෙස් හා මගපෙන්වීම අනුව, සහකාර ප්‍රාදේශීය ලේකම් තුමියගේ සහභාගිත්වයෙන් සැලසුම් අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ තුමාගේ සහ සංවර්ධන නිලධාරින් ගේ සහයෝගයෙන් , සමෘද්ධි අංශයේ සියලුම නිලදාරින් විසින් සංවිධානය කරන ලද ලේ දන්දීමේ වැඩසටහන. රත්මලාන ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයේ ශ්‍රවණාගාරයේ දී පවත්වන ලදී.





රත්මලාන ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම 2026.01.8 වන බ්‍රහස්පතින්දා දින සවස 1.30 රත්මලාන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී පාර්ලිමේන්තු මන්ත්‍රීනි සමන්මලී ගුණසිංහ මැතිනිය, රත්මලාන ප්‍රාදේශීය ලේකම් එම්.එම්.කේ. දිල්රුක්ෂි වල්පොල මැතිණිය ඇතුළු විවිධ රාජ්‍ය ආයතනයක් කරමින් පැමිණි රාජ්‍ය නිලධාරීන් සහභාගී වී ඇත. එහි දී රත්මලාන ප්‍රදේශයේ සෞඛ්‍ය තත්ත්වය ආරක්‍ෂක තත්ත්වය, කොට්ඨාශයේ ක්‍රියාත්මක ව්‍යාපෘති ප්‍රගතිය වැනි ප්‍රදේශයේ පවතින ගැටලු පිළිබඳව සාකච්ඡා කල අතර අවශ්‍ය වේ ක්‍රියාව සහ තීරණ ගැනීම.





















