2025 ප්රාදේශිය සිසු නිපුණතා ඇගයීම් ත්‍යාග සහ සහතික පත් ප්රදානෝත්සවය 2026 පෙබරවාරි මස 22වන ඉරුදින ප.ව.2.00 ට රත්මලාන පුරාණ විහාරස්ථානයේදීි පැවැත්විය. ඒ සඳහා වැඩමවා වදාළ රත්මලාන පුරාණ විහාරාධිකාරී ප්රජා මණ්ඩලීය දහම් පාසලේ ප්රධානාචාර්ය විනයාචාර්ය පූජ්ය හෙවෙස්සේ නන්දාරාම ස්වාමීන් වහන්සේ,රත්මලාන පුෂ්පාරාම විහාරාධිපති අමරපුර සද්ධම්මවංශ මහානිකායේ අනුනායක පූජ්‍යපාද රත්මලානේ සිරි සුනීත නායක ස්වාමීන් වහන්සේ,රත්මලාන ශාසනාරක්ෂක මණ්ඩලයේ ගරු සභාපති පූජ්‍යපාද සූරියගොඩ සිරිධම්ම නායක ස්වාමීන් වහන්සේ,ලෝක බෞද්ධ මහා සම්මේලනයේ ගරු ලේඛකාධිකාරී ආචාර්ය පුඡ්යපාද මාඉටිපේ විමලසාර නායක ස්වාමීන් වහන්සේ,රත්මලාන ශාසනාරක්ෂක මණ්ඩලයේ ගරු ලේඛකාධිකාරී පුඡ්යපාද බඹරපනේ සුගත නන්ද නායක ස්වාමීන් වහන්සේ,ජාතික අධ්යාපන ආයතනයේ සහකාර අධ්යාපන අධ්යක්ෂ පූජ්‍යපාද කොට නෙළුවේ පුඤ්ඤානන්ද ස්වාමීන් වහන්සේ,රත්මලාන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ බෞද්ධ කටයුතු සමායෝජක ඉලුඔ කන්දේ විනීත ස්වාමීන් වහන්සේ,ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්යාලයේ බාහිර කතිකාචාර්ය වෑගන්තලේ ධම්මරතන ස්වාමීන් වහන්සේ ඇතුළු ගෞරවණිය මහා සංඝරත්නයේ අනුශාසකත්වයෙන්ද දෙහිවල ගල්කිස්ස මහ නගර සභාවේ උප නගරාධිපති වින්දන එදිරිසූරිය මැතිතුමා ඇතුළු සපැමිණි නාගරික මන්ත්රීතුමා තුමියන්,රත්මලාන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ප්‍රාදේශීය ලේකම් එම්.එම්.කේ. දිල්රුක්ෂි වල්පොළ මැතිණිය,සහකාර ප්‍රාදේශීය ලේකම් ප්‍රභා ශ්රීමධුරංගි මැතිණිය,ගල්කිස්ස බෞද්ධ බාලිකා විදුහල්පතිනී කාන්ති මානෙල් මැතිණිය,සම්පත් බැංකුවේ ප්‍රධාන කාර්යාලයේ විශ්රාමික සාමාන්යාධිකාරී අශෝක මැණික්ගොඩ මැතිතුමා,රත්මලාන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ බෞද්ධ කටයුතු සමායෝජක නිලන්ති පරණගම මහත්මිය ඇතුළු සම්භාවණිය ආරාධිත අමුත්තන්ගෙන් මෙම උත්සව සභාව වර්ණවත් විය.

78 වන ජාතික නිදහස් දිනය නිමිත්තෙන් රත්මලාන පරමධම්ම චේතිය පිරිවෙණ විහාරස්ථානයේ නිදහස් දින උත්සවයක් සංවිධානය කර තිබිණි. පරමධම්මචේතිය මහ පිරිවෙන් විහාරාධිපති පූජ්‍යපාද මාඉටිපේ විමලසාර නාහිමිපාණන්ගේ ප්‍රධාන අනුෂාශකත්වයෙන් මෙම නිදහස් දින උත්සවය සංවිධානය කර තිබු අතර, මෙම නිදහස් දින උත්සවය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රිනි සමන්මලී ගුණසිංහ මැතිණිය, රත්මලාන ප්‍රාදේශීය ලේකම් එම්.එම්.කේ. දිල්රුක්ෂි වල්පොල මැතිණිය. පොලිස් අධිකාරි තුමන් ඇතුලු දේශාපාලන තන්ත්‍රය නියෝජනය කරමින් සහ රාජ්‍ය නිලධාරීන් ඇතුලු සම්භාවනිය ආරාධිතයන් රැසක් සහ විවිද ආගම් නියෝජනය කරන පිරිස්, කලාකරුවන්, දහම් පාසල් ළමුන්, ප්‍රාදේශවාසින් ඇතුලු විශාල පිරිසක් සහභාගි විය.




රත්මලාන ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සංවිධානය කරනු ලැබූ තෛපොංගල් උත්සවය 2026/01/21 වන දින පවත්වන ලදී. හින්දු සම්ප්‍රදානූකූලව පොංගල් බත පිසීමත්, කාර්යාලයීය නිලධාරීන් අතර කෝලම් රටා නිර්මාණ ඇගයීමේ වැඩසටහනක්ද, කෙටි සංස්කෘතික උත්සවයක් ද පවත්වන ලදී. රත්මලාන ප්‍රාදේශීය ලේකම් දිල්රුක්ශි වල්පොල මහත්මිය, සහකාර ප්‍රාදේශීය ලේකම් ප්‍රභා ශ්‍රී මධුරංගි මහත්මිය, ගණකාධිකාරි ශානිකා ප්‍රනාන්දු මහත්මියගේ පූර්ණ අධීක්ෂණය යටතේ මෙම වැඩසටහන පවත්වන ලදී.














දහම්පාසල් ශ්‍රේණි විභාගය - 2025
රත්මලාන ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ගරු ලේඛකාධිකාරී බඹරපනේ සුගතනන්ද හිමියන්,බෞද්ධ කටයුතු සමායෝජක නිලධාරි ඉළුඹකන්දේ විනීත හිමියන් ප්‍රාදේශීය ලේකම් දිල්රුක්ෂි වල්පොල හා බෞද්ධ කටයුතු සමායෝජක නිලධාරී නිලන්ති පරණගම යන නිලධාරීන්ගේ අධීක්ෂණයෙන් රත්මලාන ශාසනාරක්ෂක මණ්ඩලයේ විභාග මධ්‍යස්ථාන (09 ) නවයක සාර්ථකව පවත්වන ලදී ලදී.





ප්‍රාදේශීය සාහිත්‍ය තරග ත්‍යාග හා සහතික පත් ප්‍රදානය 2025/12/12 වන දින රත්මලාන ප්‍රාදේශීය ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදි රත්මලාන ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු සභාපතිනි පාර්ලිමේන්තු මන්ත්‍රී සමන්මලි ගුණසිංහ මහත්මියගේ ප්‍රධානත්වයෙන් රත්මලාන ප්‍රාදේශීය ලේකම් දිල්රුක්ෂී වල්පොල මහත්මියගේ සහ රත්මලාන සහකාර ප්‍රාදේශීය ලේකම් ප්‍රභා ශ්‍රී මදුරංගි මහත්මිය ඇතුළු ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය කාර්ය මණ්ඩලයේ සහභාගිත්වයෙන් පවත්වන ලද අතර මේ අවස්ථාව සඳහා රත්මලාන සංස්කෘතික බල මණ්ඩල සභාපති මහාචාර්ය කමල් වලේගොඩ මහතා ඇතුළු බල මණ්ඩල සාමාජික සාමාජිකාවන් ජයග්‍රාහී දූ දරුවන් කලාකරුවන් දෙමව්පියන් ඇතුළු විශාල පිරිසක් සහභාගී විය...ප්‍රවීණ සංගීතවේදී සුගත් සමරසිංහ මහතා විසින් වටිනා සංගීත රසවින්දන වැඩසටහනක් ද පවත්වන ලදී.








තවත් කියවන්න: ප්‍රාදේශීය සාහිත්‍ය තරග ත්‍යාග හා සහතික පත් ප්‍රදානය 2025/12/12
















